>>නාමල් ජයසිoහ වන මම?
මොරටුව වේල්ස්කුමර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන මා
ද්වීතික අධ්‍යාපනයෙන් පසු පස්දුන්රට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් ඉගැන්වීම පිළිබඳ
ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාවක් ලබාගෙන ඇති අතර
ඉලෙක්ට්‍රොනික විද්‍යාව සහ ජනසන්නිවේදනය පිළිබදව
උපාධි පාඨමාලාවක් ද හදාරා ඇත.
උපාධි පාඨමාලාවක් ද හදාරා ඇත.
මේ වන විට මා ගණිත ගුරුවරයෙකු මෙන්ම ගණිත දේශකයෙකු
වශයෙන්ද කටයුතු කරමි.
වශයෙන්ද කටයුතු කරමි.
කොළඹ රාජකීය විද්‍යාලයෙන් ම ගුරු ජීවිතයට අත්පොත් තැබූ මා එතැන් සිට අද දක්වා ලබා ගත් පන්නරය සමඟින් සිසු දරුවන් ගණිතලොව ප්‍රවීණයන් කරවීමට වෙහෙස දරන්නෙමි.
එහෙයින් ගණිතය විෂයය අළලා නොයෙක් පරීක්ෂණ ඔස්සේ ලබාගත් නිගමන සහ අන්තර්ජාතික මට්ටමින් පිළිගැනීමකට ලක්ව ඇති අද්විතීය ගණිත ගැටළු විසදීමේ සරල ක්‍රම
පිළිබඳ අධ්‍යයනය කරමින් එමඟින් ලබාගත් මහඟු දැනුම සිසු දරුවන් වෙත ඉතා නිර්ලෝභීව ලබාදීමට තීරණය කළෙමි. එම දැනුම ඉදිරි
සාමාන්‍යපෙළ දක්වා යන ගමනේදි මෙන්ම ඉන් මතුවටත් ඉතා වැදගත් වන්නේ යැයි මා විශ්වාස කරමි.
සියලුම සිසු දරුවන් ගණිතයට බිය නොවී ගණිතයේ අපූර්වත්වය විඳිමින්ම ගණිතලොව ජයගන්නේ නම් එයයි මාගේ ඒකායන ප්‍රාර්ථනය.
එමෙන්ම මාගේ ගුරුවෘත්තීය තුළ මේ දක්වා ආ සාර්ථක ගමනේ දි මා හට මඟ පෙන්වූ මාගේ ආදරණීය දෙමාපියන් සහ ගුරුවරුන් ඇතුළු සියලු දෙනාටම ඉතාමත් ගෞරවයෙන් මාගේ ස්තූතිය පුද කරමි....
ස්තූතියි.
නාමල්ජයසිංහ.
🔴 🔴 🔴 🔴 🔴 🔴
Sir
ReplyDeleteGood Job Sir . Thusala
ReplyDelete